මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්‌

Malata Renu Se Oba Langa Innam

nanda malani
මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්‌ Lyrics

මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්‌
සඳට තරුව සේ තනිය මකන්නම්
නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම්
මියෙන තුරා ආදරෙයි කියන්නම්‌..

මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්‌
සඳට තරුව සේ තනිය මකන්නම්
නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම්
මියෙන තුරා ආදරෙයි කියන්නම්‌..

සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම්‌..
ආල කතන්දර හොර රහසේ කියාවි නමි..

සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම්‌..
ආල කතන්දර හොර රහසේ කියාවි නම්..
ඔබේ තුරුල්ලේ උණුසුම්‌ සුව ලැබේවි නම්‌
මියෙන තුරා ආදරෙයි කියන්නම්‌

මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්‌
සඳට තරුව සේ තනිය මකන්නම්
නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම්
මියෙන තුරා ආදරෙයි කියන්නම්‌..

පාළුව මකනා කවියක්‌ සේ ඇසේවි නම්‌..
මා සවනේ රැව්‌ දිදී රැඳි ඉඳිවි නම්‌..

පාළුව මකනා කවියක්‌ සේ ඇසේවි නම්‌..
මා සවනේ රැව්‌ දිදී රැඳි ඉඳිවි නම්‌..
ඔබ කිසිදා මා සින නොතලා රැඳේවි නම්
මියෙන තුරා ආදරෙයි කියන්නම්‌

මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම්‌
සඳට තරුව සේ තනිය මකන්නම්
නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම්
මියෙන තුරා ආදරෙයි කියන්නම්‌..

Video thumbnail