මල්වාරම්

MALWAARAM


මල්වාරම් Lyrics

මල්වාරම් ගයමින් හිත නිවමින් මදහාස අතරින්
ආගන්තුක සෙනෙහෙන් නෙතු සලමින් බොරු හේතු කියමින්
ආසයි පෙර වාගේ ඔය තුරුලේ නැලවෙන්න රහසේ
දෑසින් ලං වූයේ ඇයි මෙතරම් වෙන්වෙන්න නම්

නිදි නැති රෑ බොඳ වීලා උණු කඳුලක නෙතු සතපාලා
ආදරවන්තී හඬවා දුර ගිහින් හිත පාරවා
මුළු හද ගිනිගෙන පුපුරාලා මට බය හෙට පායන හිරු නිසා
හිනැහෙන මතකේ දල්වාලා සිහිනයෙන් වෙන් වෙලා

මෘදු හසරැලි සීත යායේ මුතු කුඩා යට උන්නු කාලේ
කිසිදා හැර යන්නේ නෑ කීවේ ඔබමද සංසාරේ
හිස මත ඔය ඇත තියා මා සනසල දියුරාළ හෙමිහිට
කීදේ අද බොඳ වෙලා මා තනි වෙලා සුසුම් මැදින්

නිදි නැති රෑ ...

සායම් කල දෑස මානේ මායම් නැති හීන ගානේ
බෝසත් හිමිකම පාවීල යන්නේ කොහේදෝ සඳ යාමේ
හිත රස ඇති තැන් සොයා එය උදුරලා පියඹා දුරකට
සමනොළ පෙති අග ලියා සංවේදනා ඔබේ නමින්

නිදි නැති රෑ ...

මල්වාරම් ගයමින් ...

Video thumbnail