මම කඳුළු බින්දුවක්‌

mama kandulu binduwak

Deepika Priyadarshani
මම කඳුළු බින්දුවක්‌ Lyrics

මම කඳුළු බින්දුවක්‌
සීතලට දැනෙන සිත රිදවන.. කඳුළු බින්දුවක්‌
මම කඳුළු බින්දුවක්‌
සීතලට දැනෙන සිත රිදවන.. කඳුළු බින්දුවක්‌
මම කඳුළු බින්දුවක්‌

දරු සෙනේහයෙන්‌ මවක නෙතින්‌ ගලා හැලුණ
ප්‍රිය වියෝගයෙන්‌ විරහිනියක ඇසින්‌ මිදුණ

දරු සෙනේහයෙන්‌ මවක නෙතින්‌ ගලා හැලුණ
ප්‍රිය වියෝගයෙන්‌ විරහිනියක ඇසින්‌ මිදුණ
ඒ කඳුළු බිඳක නමක්‌ ගමක්‌ ලියා තියෙනවද
මම කඳුළු බින්දුවක්‌
සීතලට දැනෙන සිත රිදවන.. කඳුළු බින්දුවක්‌
මම කඳුළු බින්දුවක්‌

රළු පරළු කුරිරු හදක්‌ වෙඬරු වී වැහිරෙන
ගිනි ගැනුණු පෑල මල්‌ දෙකොපුල රූරා එන

රළු පරළු කුරිරු හදක්‌ වෙඬරු වී වැහිරෙන
ගිනි ගැනුණු පෑල මල්‌ දෙකොපුල රූරා එන
මට එකතු වෙන්න ඔබේ ඇසෙත්‌ කඳුළු තියෙනවද
මම කඳුළු බින්දුවක්‌
සීතලට දැනෙන සිත රිදවන.. කඳුළු බින්දුවක්‌
මම කඳුළු බින්දුවක්‌
සීතලට දැනෙන සිත රිදවන.. කඳුළු බින්දුවක්‌
මම කඳුළු බින්දුවක්‌

Video thumbnail