Mama monkey hanumantha

Mama monkey hanumantha

jaya sri
Mama monkey hanumantha Lyrics

(අයියනයි හනුමන්තා.. මහදැනමුත්තා..
මොකද කටිටිය කියන්නේ. .
අපි මේ පණිවුඩේ
මනුස්සයන්ට කියන්නම ඕනා.. නේද...)

මම මන්කී හනුමන්තා..
වඳුරන්ගේ මහදැනමුත්තා..
දඬු මොනරේ නැගලා අහසින්‌ යන්නා
හොයියා හොයියා හෝ....

මම මන්කී හනුමන්තා..
නැට්ටෙන්‌ වැඩ කිඩ ගිනි දුන්නා..
දඬු මොනරේ නැගලා අහසින්‌ යන්නා..
හොයියා හොයියා හෝ....
දඬු මොනරේ නැගලා අහසින්‌ යන්නා
හොයියා හොයියා හෝ..

චාල්ස්‌ ඩාවින්‌ කිව්වා බයිලා
ඔහෙලා අපෙන්‌ පැවතෙනවා කියලා
චෑ චෑ පට්ටම පල්‌ බොරු ඔව්වා
වචන සත්තු අපියි.. නෑ විපත්ති කරලා

දියුණු උනට කරුමාන්තයෙන්‌
කැත කරනවා ඔහෙලා මාන්නයෙන්‌
විසකුරු ගිනි අවි බෝම්බයෙන්‌
විනාශ කරනවා අවියෙ බලෙන්‌

ඔහෙලාගේ දිවි දික්කර ගන්නට
ගන්නවා අපෙ දිවි අත්හදා බැලුමට
හිංසාවාදී.. දාන්නෙ බාල්දී..
කවදා හරි ඔහෙලාට වදිවී..

ඕං රීන් කට්ටු කට්ටූ..
ඔහෙලගෙ මොල වල පිටිටු පිටිටූ..
මෙන්න දැම්මා අපි තට්ටු තට්ටූ..
වෙයි ළඟදිම හැම මට්ටු මට්ටූ..

ඕං රීන් කට්ටු කට්ටූ..
ඔහෙලගෙ මොල වල පිටිටු පිටිටූ..
මෙන්න දැම්මා අපි තට්ටු තට්ටූ..
වෙයි ළඟදිම හැම මට්ටු මට්ටූ..

මම මන්කී හනුමන්තා..
චින්පන්සිස් මහදැනමුත්තා..
දඬු මොනරේ නැගලා අහසින්‌ යන්නා
හොයියා හොයියා හෝ....

මම මන්කී හනුමන්තා
ගෝරිල්ලාස්‌ ඕල්සෝ ලොක්කා
දඬු මොනරේ නැගලා අහසින්‌ යන්නා
හොයියා හොයියා හෝ..
දඬු මොනරේ නැගලා අහසින්‌ යන්නා
හොයියා හොයියා හෝ..

ඉක්මන්‌ ගමනට හැදුවා ඔහෙලා
වාහන කියලා තෙල්‌ දා දුවනා
පුච්චා අරිනා දුම්‌ පිට කරනා
සී. ඕ. ටු. මුළු ලොව නැති කරනා

හදන්න ඔහෙලගේ නිවාස ලී බඩු
කපනවා වටිනා කැලෑ ලොව වටා
නැතිකරමින්‌ අපෙ ජීවන ප්‍රදේශ
ඕගෙනෙනවා ළඟටම ලෝක අන්තිමේ...

මෙහෙම ගියොත්‌ අපි කාට කාට
ඕසොන්‌ හිලෙන්‌ එන පාට පාට
රැස්‌ වලින්‌ පිච්චිලා මුළු සංහතියම
යයි මරු තුරුලට ගාට ගාට

මම මන්කී හනුමන්තා..
වඳුරන්ගේ මහදැනමුත්තා..
දඬු මොනරේ නැගලා අහසින්‌ යන්නා
හොයියා හොයියා හෝ....

මම මන්කී හනුමන්තා
ගෝරිල්ලාස්‌ ඕල්සෝ ලොක්කා
දඬු මොනරේ නැගලා අහසින්‌ යන්නා
හොයියා හොයියා හෝ..
දඬු මොනරේ නැගලා අහසින්‌ යන්නා
හොයියා හොයියා හෝ..

ඕං ඊං කට්ටු කට්ටූ
ඔහෙලගෙ මොල වල පිට්ටු පිට්ටූ
මෙන්න දැම්මා අපි තට්ටු තට්ටූ
වෙයි ළඟදිම හැම මට්ටු මට්ටූ

වැටෙනා හිරු එළියෙන්‌..
හමනා තද සුළඟෙන්‌..
ගලනා ජල බලයෙන්‌..
ගන්නකෝ වැඩ කිඩ හොඳහින්‌..

වැටෙනා හිරු එළියෙන්‌..
හමනා තද සුළඟෙන්‌..
ගලනා ජල බලයෙන්‌..
ගන්නකෝ වැඩ කිඩ හොඳහින්‌..

ඕං රීං....
ඕං රීං....
ඕං රීං....

Video thumbnail