මම ටැක්සි කාරයා.. මම ඇරලා යන්න හරිම සූරයා
කවුද මිත්‍රයා.. මම නොදන්න කොළඹ හාදයා
මම කොළඹ හාදයා.. මම ටැක්සි කාරයා
මම ඇරල යන්න හරිම සූරයා
මම ටැක්සි කාරයා.. මම කොළඹ හාදයා
මේ මම නොදන්නේ කවුද මිත්‍රයා
චිත්‍රපටිය රෑට ඇරෙන වෙලාවේ
සද්දේ ඇසෙයි මගෙ කාරෙක නලාවේ
මම දාන්නෙ නෑ කෙනෙකුව මුලාවේ
කොයි කවුරුත් මා සමඟින් හිනාවේ
දහයෙන් පසු ඩබල් එකට කඩන්නේ
දන්න අයට එහෙම නෑනෙ කරන්නේ
ගිඩි ගිඩි ගා මීටර් එක වැටෙන්නේ
සමහර අය මට බැනලයි බහින්නේ
මම ටැක්සි කාරයා.. මම ඇරලා යන්න හරිම සූරයා
කවුද මිත්‍රයා.. මම නොදන්න කොළඹ හාදයා
මම කොළඹ හාදයා.. මම ටැක්සි කාරයා
මම ඇරල යන්න හරිම සූරයා
මම ටැක්සි කාරයා.. මම කොළඹ හාදයා
මේ මම නොදන්නේ කවුද මිත්‍රයා
ලෙඩා අරන් රෝහලට යන්නට
දොස්තර මහතව කැඳවන් එන්නට
මෙන්න මේ වැනි වැඩක් කරවා ගන්නට
භාර දෙන්න උවමනාය මේ මට
දුප්පත් පෝසත් කාටත් එක වගේ
සේවය හරියට ඉටුවෙයි මේ මගේ
වෙරි කාරයෝ දැක්කම පණ ගැහෙන්නේ
මම යන ගමනත් බයෙන් තමයි යැවෙන්නේ
මම ටැක්සි කාරයා.. මම ඇරලා යන්න හරිම සූරයා
කවුද මිත්‍රයා.. මම නොදන්න කොළඹ හාදයා
මම කොළඹ හාදයා.. මම ටැක්සි කාරයා
මම ඇරල යන්න හරිම සූරයා
මම ටැක්සි කාරයා.. මම කොළඹ හාදයා
මේ මම නොදන්නේ කවුද මිත්‍රයා