මන්දා මෙසේ Lyrics
රෑ සීතේ හීන ගානේ පාවෙලා
ආවා මා රෑ සරා
මා දෑසේ කෝල ආලේ ගාවලා
යාවී ඒ රූ නුරා
සඳ පායාදෝ රෑ ආකාසේ
නුඹ සඟවාලා පෑ ආදරේ
මංදා මෙසේ හැංගී හිතේ
උපමා කලේ මට ආදරේ
උන්මාද ආශා සිත්සේ දැනේ
පෙම් සාගරේ
මන්දාරමේ ශුංගාරවේ
මුමුනා ගියේ
අමුනා සෙනේ සිත් ආකරේ
නිම්නාදරේ
මල් වාරේ සුන්චාරේ
ආවා මා සොයා
ඇස් බෑවේ පෙම් තාලේ ආයාචනා
පෙම් හීනේ මං ගාවේ ආවා මා සොයා
සංවාදේ සිත් සාරේ ආරාදනා
සඳ පායාදෝ රෑ ආකාසේ
නුඹ සඟවාලා පෑ ආදරේ
මංදා මෙසේ හැංගී හිතේ
උපමා කලේ මට ආදරේ
උන්මාද ආශා සිත්සේ දැනේ
පෙම් සාගරේ
මන්දාරමේ ශුංගාරවේ
මුමුනා ගියේ
අමුනා සෙනේ සිත් ආකරේ
නිම්නාදරේ...//