මංගල මල්දම පතා හිඳිමි මම
පතමි මම..
මට නොවෙද ළඳේ.. වත මනකල්..
උකුළු මුකුලු පෙම.. මුකුලු පෙම..
මංගල මල්දම පතා හිඳිමි මම
පතමි මම..
මට නොවෙද ළඳේ.. නෙත නිලුපුල්..
සලිත ලලිත පෙම.. ලලිත පෙම..
කිරි සාගරයෙන් කිඳුරු ලියන් ආවා..
මට පෙම් මුතුලැල් පළඳනවයි කීවා..
දුර නඳුන් වනේ දේව ළඳුන් ආවා..
මට මල්සරගේ.. දුන්න අරන් ආවා..
කිඳුරු ලතාවිය.. දිව්‍ය කුමාරිය..
මට මොටද ළඳේ ඇත්නම්..
ඔබේ දේහ සුරූපය..
සද්දන්ත කුලේ ඇතා පිටින් එන්නම්..
රන් පාවාඩ මැද කැන්දාගෙන එන්නම්..
රන් මිරිවැඩි රන් කසී සළුත් දෙන්නම්..
ගාන්ධාරයෙන්.. විලවුන් ගෙන එන්නම්..
පොකුරු සිනාවයි.. දෑස ඉනාවයි..
ගත සුවඳ කොකුම් බිඟුරොන්..
හද ගීත ලතාවයි..
මංගල මල්දම පතා හිඳිමි මම
පතමි මම..
මට නොවෙද ළඳේ.. වත මනකල්..
උකුළු මුකුලු පෙම.. මුකුලු පෙම..
මංගල මල්දම පතා හිඳිමි මම
පතමි මම..
මට නොවෙද ළඳේ.. නෙත නිලුපුල්..
සලිත ලලිත පෙම.. ලලිත පෙම..
මුකුලු පෙම.. ලලිත පෙම..
මුකුලු පෙම.. ලලිත පෙම..