මන්නාරම් පිටි වැල්ලේ
මදටිය වැල් ඔන්චිල්ලේ
කොණ්ඩේ කඩන්
හඳට අඬං සිංදු කියන්නී.. කුණ්ඩුමනී..
කුණ්ඩුමනී.. කුණ්ඩුමනී..
කුණ්ඩුමනී.. කුණ්ඩුමනී..
නැහැයේ කරබුව දෙකනේ...
කඩුක්කන් දමා සියොලඟ..
මොට්ටක්කිලියෙන් හැඩ කොට...
වසා ඉඟ නමා...
උළුඳු කොටා තල වේලා..
තල්පත මත ගිනි අව්වේ ලා.. කුණ්ඩුමනී..
සෙම්බු තාලී උකුළේ හොවා...
ආඬි ළිඳෙන් දිය ඇදලා...
ලූනු පාත්තියට දමා විඩාපත් වෙලා...
හැන්දෑවට කෝවිල් ගොස්..
පොල් ගහලා නළලේ අළු ගා.. කුණ්ඩුමනී..
කුණ්ඩුමනී.. කුණ්ඩුමනී..
කුණ්ඩුමනී.. කුණ්ඩුමනී..
ගොම ඉහලා හැදු ගෙබිම...
පිච්ච මලින් සරසාලා...
කෙසෙල් ගස් දෙකක්..
දොරකොඩ සිටුවා තබලා..
කොම්බු කතම් මෘදංග නද...
මුළු ගමටම හඬවා දීලා.. කුණ්ඩුමනී..
සණ්ඩු කරලා බැනුම් අහල
හැංගි හැංගි බැන්ද ප්‍රේමේ
මහරාජා ආ කල ගෙට
තිරක්කලෙන් බැසලා
කුණ්ඩුමනී යන පෙරහැර
බලා හිඳිමි කීකරු වීලා.. කුණ්ඩුමනී..
මන්නාරම් පිටි වැල්ලේ
මදටිය වැල් ඔන්චිල්ලේ
කොණ්ඩේ කඩන්
හඳට අඬං සිංදු කියන්නී.. කුණ්ඩුමනී..
කුණ්ඩුමනී.. කුණ්ඩුමනී..
කුණ්ඩුමනී.. කුණ්ඩුමනී..
කුණ්ඩුමනී.. කුණ්ඩුමනී..
කුණ්ඩුමනී.. කුණ්ඩුමනී..
කුණ්ඩුමනී.. කුණ්ඩුමනී..
කුණ්ඩුමනී.. කුණ්ඩුමනී...