Mata Rawana Muhunath Athare Lyrics
මට රවනා.. මුහුණත් අතරේ..
නුඹ පෙනුනා.. කොනකින් වාගේ..
නුඹමද මාගේ.. තොල් පෙති තෙමුවේ..
ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ...
අරමුණු මාගේ.. නුඹ ළඟ බිඳුණේ..
එක හුස්මක් ළඟ දවසක් ගෙවුණේ..
මට රවනා.. මුහුණත් අතරේ...
මා.. උදුරා ගත් හාදුවේ
දැන් සැලුනා.. හැම ස්වරයම මගෙ හදේ..
ඒ හුස්මට මුසුවු නුඹේ.. නෙත නිවුණේ..
මට රචනා.. මුහුණත් අතරේ..
රෑ.. අහසට බරවූ සඳේ
නුඹ වැටුණා.. මගෙ පාමුල ඒ පැයේ..
සිත්තරු ඇඳි සිතුවමේ.. නුඹ උන්නේ..
මට රවනා.. මුහුණත් අතරේ..
නුඹ පෙනුනා.. කොනකින් වාගේ..
නුඹමද මාගේ.. තොල් පෙති තෙමුවේ..
ඒ හාදුවේ නෑ අවසානය දුටුවේ...
අරමුණු මාගේ.. නුඹ ළඟ බිඳුණේ..
එක හුස්මක් ළඟ දවසක් ගෙවුණේ..
මට රවනා.. මුහුණත් අතරේ...