මටම වෙන් කළ හදවතේ ඉඩ

Matama wenkala hadawathe ida 


මටම වෙන් කළ හදවතේ ඉඩ Lyrics

ඔබට ළං වී ලඟින් ඉන්නට හීන දැක්කට මං
හිතින් වෙන්වී දුරක යන්නට කාරණා ඇත දැන්
මටම වෙන් කළ හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන්
දෙන්නෙ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මං

ආදරේ මල් පියලි අතුරා හදවතේ මළුවේ
මගේ මේ හිත ඇවිලිලා යන බැල්මකින් බැලුවේ
කාත් කවුරුත් නෑ මගේ මං හංගගෙන පපුවේ
ඇයි ඉතිං මගෙ හිතට දුක්දෙන සුසුම් වැල් හැදුවේ
මටම වෙන් කළ හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන්
දෙන්නෙ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මං

කවමදාවත් නෙතට කදුලක් දුන්නේ නැති හිතක
ඔහේ වැටිලා මමත් උන්නා එපමණයී මතක
යන්න යන්නම් දරාගෙන දුක තාරකා නෙතක
කදුලු වැටුනට හිතන්නෑ මං අඩන්නෑ මැණික
මටම වෙන් කළ හදවතේ ඉඩ තව කෙනෙක් වෙනුවෙන්
දෙන්නෙ කොහොමද මේවා බල බල ඉන්නෙ කොහොමද මං
ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක්, ප්‍රසංගයක් සදහා අමතන්න

Video thumbnail