මතක පාරන හිතක් Lyrics
වරින්වර පාරවන අඳුරු මූසල බවක්
විඳින්නට ඉඩදෙන්න දරා දුක සැප උනත්
කුටුම්බය ඇතැ'ර ගිය බෝසතුන්ටත් ටිකක්
තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්
පෑරෙනා මතකයන් දරාගත්තොත් උඹත්
වසන්තය මලින් බර වේවී මතු දිනකවත්
කුටුම්බය ඇතැ'ර ගිය බෝසතුන්ටත් ටිකක්
තිබෙන්නට ඇති නේද මතක පාරන හිතක්
ආලය කලාවකි කාලය කා දමන
ගැහැනිය දළඹුවෙකි ගෑවුන තැන කසන
බෝසත් කතා.. කීවත් රාගය ගැනම
ඒ පඬිවරුත් ඇවිලෙයි පළගැටී ලෙසින
සළුව ඉරා නෙක මල් පෙති දෙතොලපිරී
නළුවා ඇවිත් පා රැඟුමන් බලනු සිරී
හෙලුව වසා ගමී පැණි බිම හෙළනු බැරී
ගොළුවී ගියත් පරතෙර වෙත ගමන් යමී...//