මතක සොයා (කල් මරන්න බෑ)

Mathaka Soya ( Kal Maranna Ba)


මතක සොයා (කල් මරන්න බෑ) Lyrics

කල් මරන්න බෑ දැන් ඕනා සැනසෙන්න
තව නිවෙන්න නම් වෙනවා මට තනිවෙන්න
නුඹ නොසිටි දිනවල මට දැනුනා සීතල
නොවෙනස්ව ඉන්නවද අහස

මට අවැසිඋණුහුම
හීනයක් නොවනා තැනක නුඹ ආදරෙ සඟවා
හේතුවක් නොවනා දිනක් මා හාද ඉකිබිඳලා
ගෙවුනු අතීතෙක නුඹේ කතා ඇසෙනවා මෙදා

නොහෙලූ වදන් ඔහේ පාවෙලා ගියා
නම නැති බාවයක ආයාචනා
නුඹේ නුවන් දිහා
මා වරනා රැයක හීනෙන් පවා
නුඹෙන් නෑ ආරාදනා

නම රැදෙනා ඉමක කොවුල් රැයක
මගේ සවන් නොයා
මා යනවා නුඹට අරුතක් මවා
නොඑන්න මතක සොයා

නුඹ නොමැති දා අසලින් දැවටී
හමන සුලඟත් මට සැනසුමක් නොදේ
හිත නුහුලනා මතකෙක දැවටී
ගෙවන දිවියේ මට හිස් බවක් දැනේ

යලි නොපෙනෙනා හැඩ රුව නුඹගේ
තාම නොමැකී මනසේ ඇඳී තියේ
නොඑන සොඳුරිය මෙසේ කියන්නම්
මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ
නොඑන සොඳුරිය මෙසේ කියන්නම්
මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ

Video thumbnail