මාව මැව්වේ ඔයාටමයි දෝ (දෑස මානේ)

Mawa Mauwe Oyatamai Do (Dasa Maane)


මාව මැව්වේ ඔයාටමයි දෝ (දෑස මානේ) Lyrics

මාව මැව්වේ ඔයාටමයිදෝ - පෙම් කෙරුවේ මා ඉතා
හීන ගානේ ආවෙ ඔයාදෝ - නින්දට බාධා තියා..
දෑස මානේ පේන රූපේ - මගේදෝ ඔබ මගේමදෝ......//

මා සිතේ ඇඳුනේ ඔයාදෝ ප්‍රාර්ථනාවක් වෙලා
පෑ සිනා සිතෙහීම රැඳුනේ ජීවිතේ ඔබ වෙලා..
අද බෝ සේ ඇසේ පෙම් කතා මගෙ ලෝකේ ඔයාටම වෙලා..

ආයෙ පතනා ආත්මයේදී - වෙන්නකො ඉපදී මගේ
නෑවිදින්නම් ඉන්නේ නෑ මං - පෙම් කෙරුවේ ඔබටමයි...

මා කෙරෙන් නොසිතූ විලාසෙන් යන්නට ගියොතින් ඔයා..
වේදනා හද ගිණිබත් කරාවී හුස්මට නැවතුම් තියා..
හද ගැස්මේ රාවේ ඔයා පණ ගැහෙනා හුස්මත් ඔයා..

මාව මැව්වේ ඔයාටමයිදෝ පෙම් කෙරුවේ මා ඉතා
හීන ගානේ ආවෙ ඔයාදෝ නින්දට බාධා තියා..
දෑස මානේ පේන රූපේ මගේදෝ ඔබ මගේමදෝ....

Video thumbnail