පාලු රෑක නීලාකාසේ..
පානවාලු මායම් බෝ සේ..
ඈ නොවේද තාරකාව..
හීන ගේන මිදුම් යායේ..
ආලවන්ත දෑසින් කීවේ..
පෙම් කවක් ද නෑ මං දන්නේ..
මා නමින්ම මා ලගින්ම
දැල්වුනාලු ඈ රෑ අඹරේ...
සරාගි නෙතු රත් පතකින් තවරන්
කරන්නම් රාගි යුෂ එක්ක ආලේ කවලම්
මදිද මගේ හිත අස්සේ ගැහුවා කරනම්
රත්තරන් කද බද කෙල්ලේ එන්න නටවන්
Nauty Shawteyy යාවයි මම පැතුවේ
රෝස මලේ නටුවේ කටු ඇනේවි පපුවේ
ඇස් දෙකෙන් මාව මැරුවේ
ගැස්සිලා හොරෙන් බැලුවේ දැල්වෙනා තනි තරුවේ
එල්ලුනා හද පලුවේ...
සිත සේද මේ බිගු අතරේ..
රෑ පුරාම ඇස් ඉගි මැරුවේ..
ඈ නොවේද තාරකාව..
මා නිසාම මායම් පෑවේ..
රෑ ඒ හීන රැව්දුන් යාමේ..
පාට පාට හීනෙන් වගේ..
කා නිසාද ඈගේ හිතින්ම..
මා ලගින්ම ඇවිදින් උන්නේ..
නිය රටා හැඩ මවා මගේ පිට මැද්දේ
එකපාරයි නෙමෙයි දෙතුන් පාරක් සිල් රැක්කේ
මන් දැක්කේ ඔයාවයි නෙතු අස්සේ
ඕනම ගින්නක් නිවන්න පුලුවන්ද වැස්සේ
දනම් දරන් මගෙ හීනත් ගණන්...
සැප දුන්න තරම්... කෙල්ලෝ බින්දා වලන්..
මන් හීන මැව්වේ රජෙක් වගේ ඉන්න බලන්
ගලක් වගෙමයි හිත කුඩුවෙන් නෑ මලත්
Babayy
පාලු රෑක නීලාකාසේ..
පානවාලු මායම් බෝ සේ..
ඈ නොවේද තාරකාව..
හීන ගේන මිදුම් යායේ..
ආලවන්ත දෑසින් කීවේ..
පෙම් කවක් ද නෑ මං දන්නේ..
මා නමින්ම මා ලගින්ම
දැල්වුනාලු ඈ රෑ අඹරේ......