මේ දිගන්තයේ.. මල් වසන්තයේ..
ඈ නිසංසලේ.. මා නිසංසලේ..
නිල් ගුවන් ගැබේ.. පායනා සඳේ..
දන්නවාද ඒ.. පෙමි කතන්දරේ..
සිත නෑ කියන්නේ නෑ
ගත බෑ කියන්නේ නෑ
ඇය හාදු දෙන්නේ නෑ
ඈට තේරෙන් නෑ
සිතුවැල් රැඳෙන්නේ නෑ
නෙතුවැල් බැඳෙන්නේ නෑ
පැතුමන් නෙලන්න නෑ
ඇය ආදරේ දෙන් නෑ..
මේඝ මාරුතේ
රෑට සීතලේ
යොවුන් හැඟුම් මගේ
තැලී පෙලෙයි ගතේ
සිත නෑ කියන්නේ නෑ
ගත බෑ කියන්නේ නෑ
ඇය හාදු දෙන්නේ නෑ
ඈට තේරෙන් නෑ
සිතුවැල් රැඳෙන්නේ නෑ
නෙතුවැල් බැඳෙන්නේ නෑ
පැතුමන් නෙලන්න නෑ
ඇය ආදරේ දෙන් නෑ
සිත නෑ කියන් නෑ
ගත බෑ කියන් නෑ
ඇය හාදු දෙන්නේ නෑ
ඈට තේරෙන් නෑ
නෙතුවැල් රැඳෙන් නෑ
සිතුවැල් බැඳෙන් නෑ
පැතුමන් නෙලන්න නෑ
ඇය ආදරේ දෙන් නෑ..
ළඳුනේ.. අනුකම්පා.. නැතිදෝ... සිතිලා
සිත නෑ කියන් නෑ
ගත බෑ කියන් නෑ
ඇය හාදු දෙන්නේ නෑ
ඈට තේරෙන් නෑ..
ඇය මාව දන්නෑ
මගේ ස්නෙහේ දන්නෑ
කොඳුරා කියන්න නෑ
දුර ඈත ඉන්නේ ඈ..
ඔබ මට ගෙන දෙන වේදනා
යළි යළි පාරයි චේතනා
මා දුක් කඳුළේ නෑවෙනා
වසන්තයේ රෑ..
හාදු දෙන්නේ නෑ
ඈට තේරෙන් නෑ
ඔබ ගැන සිතමින් රෑ දිවා
වසන්තයේ මල් පීදිලා
ඉවත බලාගෙන ඇයි ඔයා..
මට ඔබ නැති ලොව චඑපා..
මා සනසනු රැ දිවා..
මට ඔබ නැති ලොව එපා..
රෑ දිවා.. රෑ දිවා..රෑ
නෙතුවැල් මැලවී
සිතුවැල් වැළපී
හසකැන් මියැදී
හද සෝ ගෙනදී
නෙතුවැල් මැලවී
සිතුවැල් වැළපී
හසකැන් මියැදී
හද සෝ ගෙනදී...