මේ ගඟ මේ දුරු කතර ගෙවා.. Lyrics
මේ ගඟ මේ දුරු කතර ගෙවා..
ඇයි මෙතැනින් සයුරේ වැටුණේ. .
මේ හැටි දුර පියමන් කරලා..
ඇයි මම ඔබ ළඟ නතර වුණේ..
මේ විල මේ නිල් දියෙන් පිරි..
ඇයි මේ මල විල මත පිපුණේ..
මා හද විල පතුලෙන් මතුවේ..
ඇයි ඔබ ආදර මල පිපුණේ. .
ඇයි ඔබ ආදර මල පිපුණේ..
මේ ගඟ මේ දුරු කතර ගෙවා..
ඇයි මෙතැනින් සයුරේ වැටුණේ. .
මේ හැටි දුර පියමන් කරලා..
ඇයි මම ඔබ ළඟ නතර වුණේ..
මේ විස කටු ගස ළඟ එපදී..
ඇයි මේ මල් වැල එහි එතුනේ..
ගිලිහි යන්නට ඔබේ සුරතේ..
ඇයි මගේ මේ අතැඟිලි බැඳුනේ..
ඇයි මගේ මේ අතැඟිලි බැඳුනේ..
මේ ගඟ මේ දුරු කතර ගෙවා..
ඇයි මෙතැනින් සයුරේ වැටුණේ. .
මේ හැටි දුර පියමන් කරලා..
ඇයි මම ඔබ ළඟ නතර වුණේ..