මේ හිත තනියෙන්‌ නුඹ එනකම්‌

me hitha thaniyen

Athma Liyanage
මේ හිත තනියෙන්‌ නුඹ එනකම්‌ Lyrics

මේ.. හිත තනියෙන්‌..
නුඹ එනකම්‌.. හිටිය තරම් ..
නෑ.. මං දන්නා..
වෙන කවුරුත්‌.. නුඹව තරම් ..
ආදරයෙන්‌.. එදා ඉඳන්‌..

කඳුළක්‌ ළඟ නැවතුන ඇහිපිය
දුරකට යවමින්‌
හුස්මක්‌ මට අමතක කරවන
මතකය හොයමින්‌
ආයේ.. හීනේ මැද්දෙන්‌
ජීවිතේ අලුතෙන්‌ ලියන තරම්

වරුවක්‌ ළඟ මුමුණන ඔය හිත
මගෙමද හිතමින්‌
තනියක්‌ නැති දවසක්‌ එනකම්‌
තව මග බලමින්‌
ආයේ.. හීනේ මැද්දෙන්‌
ආදරේ අමුණා තියෙන තරම්

මේ.. හිත තනියෙන්‌..
නුඹ එනකම්‌.. හිටිය තරම් ..
නෑ.. මං දන්නා..
වෙන කවුරුත්‌.. නුඹව තරම් ..
ආදරයෙන්‌.. එදා ඉඳන්‌..
ආදරයෙන්‌.. එදා ඉඳන්‌..
ආදරයෙන්‌.. ආ...

Video thumbnail