මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
තෑගි එපා තෑගි එපා ඇවිදින් යන්න
මාගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරන්න
ප්‍රේම සිනා දෙතොලේ නගන් ඇවිදින් යන්න
ඇවිදින් යන්න.. ඇවිදින් යන්න
ආදර වීනාවේ රැව් නැගුනාවේ
නැත වෙනසක් වුවේ කවුරුද කීවේ
ආදර වීනාවේ රැව් නැගුනාවේ
නැත වෙනසක් වුවේ කවුරුද කීවේ
මා ජාතික සේවේ මේ රැකියාවේ
ඒකයි මම නාවේ සොඳුරු ප්‍රියාවේ
දෑස අයලා.. මූණ බලාලා
කොහොමද කියලා.. යනු මැන අසලා
මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
තෑගි එපා තෑගි එපා ඇවිදින් යන්න
මාගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරන්න
ප්‍රේම සිනා දෙතොලේ නගන් ඇවිදින් යන්න
ඇවිදින් යන්න.. ඇවිදින් යන්න
ඔබෙ බැල්මෙන් මාගේ හිත පිබිදෙන්නේ
සෙනෙවි රජෙකු වාගේ එඩිතර වෙන්නේ
ඔබෙ බැල්මෙන් මාගේ හිත පිබිදෙන්නේ
සෙනෙවි රජෙකු වාගේ එඩිතර වෙන්නේ
ඔබ හින්දයි මා දැන් ජීවත් වෙන්නේ
කොයි කවදද දෙන්නා කූඩු බඳින්නේ
දෑස අයලා.. මූණ බලාලා
කොහොමද කියලා.. යනු මැන අසලා
මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න
තෑගි එපා තෑගි එපා ඇවිදින් යන්න
මාගේ සිතුම් මාගේ පැතුම් සුන් නොකරන්න
ප්‍රේම සිනා දෙතොලේ නගන් ඇවිදින් යන්න
ඇවිදින් යන්න.. ඇවිදින් යන්න