Me jeewanaye mulu sansare Lyrics
මේ ජීවනයේ.. මුළු සංසාරේ...
මේ ජීවනයේ.. මුළු සංසාරේ...
උදාරයි.. උදාරයි.. උදාරයි ආදරේ
මහද ගිලෙන්නේ.. පෙම් සිලිලාරේ...
මහද ගිලෙන්නේ.. පෙම් සිලිලාරේ...
උදාරයි.. උදාරයි.. උදාරයි ආදරේ
මේ ජීවනයේ...
දෑත දෑතේ බැඳ ඈ ළංවී
මට පෑව ආදරේ...
දෑත දෑතේ බැඳ ඈ ළංවී
මට පෑව ආදරේ..
සනසාලු ලාලන කාලේ
දිවිතෙක්ම සිහිකෙරේ
ඒ නිල් දෑසේ.. බැල්මෙන් කැල්මෙන්
මා යන ගමනට දිරි දෙයි
මේ ජීවනයේ.. මුළු සංසාරේ...මේ ජීවනයේ..
සුවඳ හාදු දුනි සතපාලා
යහනාවේ මා හොවා...
සුවඳ හාදු දුනි සතපාලා..
යහනාවේ මා හොවා..
පින්සාර ඇයගේ තුරුලේ..
සැනසේ රජුන් පාවා
ඒ දරුවෙකුගේ.. පණ වැනි උත්තම
අම්මාගේ ආදරයයි
මේ ජීවනයේ.. මුළ සංසාරේ..
මහද ගිලෙන්නේ.. පෙම් සිලිලාරේ..
උදාරයි.. උදාරයි.. උදාරයි ආදරේ
මේ ජීවනයේ....