මේ මැයි ගහ යට දවසක්‌ දා..

Me Mai Gaha Yata Dawasak Da

milton mallawarachchi
මේ මැයි ගහ යට දවසක්‌ දා.. Lyrics

මේ මැයි ගහ යට
දවසක්‌ දා..
වැස්සට අපී උන්නා..
රතු කැට වාගේ
මැයි මල්‌ පිපී පිපි
අපට සෙවණ දුන්නා..
අපට සෙවණ දුන්නා

මැයි මාසේ එක.. සැන්දෑ වරුවක
සීතල වැහිපොද.. වැටෙන වෙලේ
ආදර වියෝවක්‌.. සිතින්‌ එබෙන සඳ
වැහිපොද සේ.. නෙතූ කඳුළු සැලේ
වැහිපොද සේ.. නෙතූ කඳුළු සැලේ..

වැහිපොද වැටුණත්‌.. ඉස්සර වාගේ
මැයි මල්‌ පිපූණත්‌.. රතට රතේ
අප දෙදෙනෙක්‌ නැත.. අද මා පමණයි
මැයි ගස්‌ සෙවණේ.. අඳුරු පෙතේ
මැයි ගස්‌ සෙවණේ.. අඳුරු පෙතේ..

මේ මැයි ගහ යට
දවසක්‌ දා..
වැස්සට අපී උන්නා..
රතු කැට වාගේ
මැයි මල්‌ පිපී පිපි
අපට සෙවණ දුන්නා..
අපට සෙවණ දුන්නා
අපට සෙවණ දුන්නා
අපට සෙවණ දුන්නා
අපට සෙවණ දුන්නා...

Video thumbnail