මේ මල්‌ යායේ මා හා එක්වීලා

me mal yaye ma ha ek weela

Edward Jayakody
මේ මල්‌ යායේ මා හා එක්වීලා Lyrics

මේ මල්‌ යායේ.. මා හා එක්වීලා
ඈ පෑ සිනා ළංවෙලා..
රෑ තරු වාගේ.. නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා..

මේ මල්‌ යායේ.. මා හා එක්වීලා
ඈ පෑ සිනා ළංවෙලා..
රෑ තරු වාගේ.. නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා..

මා දෑතේ වෙළිලා එදා..
රෑ සීතේ සඳ පානේ පිය නැඟුවා
ඒ ඡායා සිහිනේ යාවී..
ඈ මාගේ නෙතු දෑලේ දුක සැදුවා

මේ මල්‌ යායේ.. මා හා එක්වීලා
ඈ පෑ සිනා ළංවෙලා..
රෑ තරු වාගේ.. නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා..

සෝ ගීතේ සවනේ යාවී..
මා ලෝකෙ තනිවු සේ මට හැඟුනා
ඈ මා හා පෙරදා මැවූ..
ඒ මායා මීදුම්‌ සේ දුර ඇදුණා

මේ මල්‌ යායේ.. මා හා එක්වීලා
ඈ පෑ සිනා ළංවෙලා..
රෑ තරු වාගේ.. නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා..

මේ මල්‌ යායේ.. මා හා එක්වීලා
ඈ පෑ සිනා ළංවෙලා..
රෑ තරු වාගේ.. නිවුණා මැලවීලා
මා දෑසේ දී වේදනා..

Video thumbnail