මී පිරුණු සුවඳ මල්‌ වනේ

Mee pirunu suwanda mal wane

Angeline Gunathilake
මී පිරුණු සුවඳ මල්‌ වනේ Lyrics

මී පිරුණු සුවඳ මල්‌ වනේ..
ආදරය සිනාසෙනු පෙනේ..
පැතුම්‌ බිහිවෙලා.. කුරුළු වෙස්වලා..
අනන්තයට යයි පියාඹලා..

රැව් නැගේ තුරුණු හද බිමේ..
පීවිතය අරුත දැන්‌ දැනේ..
හැඟුම්‌ පිබිදිලා.. දෙතොල්‌ මතුරලා..
කතා කරයි පියා සල සලා..

සිහිනෙකින්‌ හරී .. සිතන්නට බැරී ..
ඉඳුනිලක්‌ ලැබී .. කැලුම්‌ දෙයි පිරී..

විමන්‌ නොපතමී.. යහන්‌ නොසොයමී
ඔබගේ හද බිමේ.. වැතිර සැතපෙමී

නෙතු පියන්‌ වැසීලා.. සිත්‌ තුටින්‌ පිරීලා
නින්ද යයි සුවෙන්‌ නිසංසලේ

රැව් නැගේ තුරුණු හද බිමේ..
පීවිතය අරුත දැන්‌ දැනේ..
හැඟුම්‌ පිබිදිලා.. දෙතොල්‌ මතුරලා..
කතා කරයි පියා සල සලා..

මී පිරුණු සුවඳ මල්‌ වනේ..
ආදරය සිනාසෙනු පෙනේ..
පැතුම්‌ බිහිවෙලා.. කුරුළු වෙස්වලා..
අනන්තයට යයි පියාඹලා..

කොකුම්‌ තවරලා.. සඳුන්‌ මුසුවෙලා..
සුගන්ධය ගලයි.. සුළඟේ විසිරිලා..

පෙරදි තැනකදී.. දිනෙක බැඳි බැඳී
සිටිය හැටි සිතෙයි.. මතකේ ඇඳි ඇඳි

ඒ ගැනත්‌ මෙසේමයි.. මේ දිනත්‌ මෙවාගෙයි
පෙම්‌ පහන්‌ දිලේ භවෙන්‌ භවේ

මී පිරුණු සුවඳ මල්‌ වනේ..
ආදරය සිනාසෙනු පෙනේ..
පැතුම්‌ බිහිවෙලා.. කුරුළු වෙස්වලා..
අනන්තයට යයි පියාඹලා..

අනන්තයට යයි පියාඹලා..
අනන්තයට යයි පියාඹලා...

Video thumbnail