මී වදයකි ජීවිතේ
මී පැණි පිරිලා ඇතේ
මත් වීලා ගුම් ගුම් නද දීලා
සැනසෙමු අපි හිතුමතේ
මලින් මලට පියඹමු
තුඩින් තුඩට රොන් ගමු
ලියන් තමා රස ඉහිරෙන මල් වැල්
ඔවුන් සොයා ගෙන යමු
හිරු නාවාදෙන් සඳ ගිලනාදෙන්
ඉන්නා ටික කාලෙදී
රසට රසක් වී මිහිරට එක් වී
අපි වෙමු මී මැසි පොදී
මී මැස්සෝ.. ඔබයි මමයි..
මී මැස්සියෝ.. ළඳුන් තමයි
මී මැස්සෝ(මී මැස්සෝ)ඔබයි මමයි..(ඔබයි මමයි..)
මී මැස්සියෝ.. ළඳුන් තමයි
මී වදයකි ජීවිතේ
මී පැණි පිරිලා ඇතේ
මත් වීලා ගුම් ගුම් නද දීලා
සැනසෙමු අපි හිතුමතේ
ලස්සන දේ ගැන ඇස් ඇදිලා යයි
සිරිබර විසිතුරු ලොවේ
දකින දැකුම් සිත වසඟ කරාලයි
දෑසට දෙයි රස සුවේ
සන්තෝසෙයි.. දුකයි සැපයි..
සාදා දෙන්නේ.. අපේ සිතයි
සන්තෝසෙයි..(සන්තෝසෙයි.. )දුකයි සැපයි..(දුකයි සැපයි..)
සාදා දෙන්නේ.. අපේ සිතයි
මී වදයකි ජීවිතේ
මී පැණි පිරිලා ඇතේ
මත් වීලා ගුම් ගුම් නද දීලා
සැනසෙමු අපි හිතුමතේ
මලින් මලට පියඹමු
තුඩින් තුඩට රොන් ගමු
ලියන් තමා රස ඉහිරෙන මල් වැල්
ඔවුන් සොයා ගෙන යමු
ඔවුන් සොයා ගෙන යමු
ඔවුන් සොයා ගෙන යමු
ඔවුන් සොයා ගෙන යමු
ඔවුන් සොයා ගෙන යමු.....