මීදුමෙන්‌ වැසී කඳුයාය සලිත වී

meedumen wasi kandu yaya salitha vee

Bathiya And Santhush(B & S)
මීදුමෙන්‌ වැසී කඳුයාය සලිත වී Lyrics

මීදුමෙන්‌ වැසී..
කඳුයාය සලිත වී..
ඔය වාගෙ සීතලෙන්‌
නළියාවි කිති කැවී..

නීල නිම්නයේ..
රතු රෝස මල්‌ පිපී..
අපි වාගෙ ආදරෙන්‌
හිනැහේවි ළංවෙවී..

ලා හිරුගේ
සෙවණේ විඩා නිවා
ඒ සුවයේ
නැලවෙන්න නෙත්‌ පියා..

සේද නිල්ලේ මල්‌ යායේ..
ඇවිද යන්නයි හිත්‌ මානේ..
ඔබය මාගේ රජ දහනේ. .
කිරුළ හිමි වු මනමාලී..

ඔබයි හීනය සන්තානේ..
වැතිර ඉන්නම්‌ මේ හීනේ..
සිහින විමනේ සිහිලැල්ලේ..
පිහින යාදෙන්‌ මැවු හීනේ..

මීදුමෙන්‌ වැසී..
කඳුයාය සලිත වී..
ඔය වාගෙ සීතලෙන්‌
නළියාවි කිති කැවී..

නීල නිම්නයේ..
රතු රෝස මල්‌ පිපී..
අපි වාගෙ ආදරෙන්‌
හිනැහේවි ළංවෙවී..

ලා හිරුගේ
සෙවණේ විඩා නිවා
ඒ සුවයේ
නැලවෙන්න නෙත්‌ පියා..

මුහුදු වෙරළේ රළ වාගේ..
ඇවිත්‌ කොඳුරන්‌ නම්‌ ආලේ..
හමන නළ සේ හැන්දෑවේ..
තුරුලු වී ඉගිලෙමි ආයේ..

නීල නිම්නයේ..
රතු රෝස මල්‌ පිපී..
අපි වාගෙ ආදරෙන්‌
හිනැහේවි ළංවෙවී..

නීල නිම්නයේ..
රතු රෝස මල්‌ පිපී..
අපි වාගෙ ආදරෙන්‌
හිනැහේවි ළංවෙවී..

ලා හිරුගේ
සෙවණේ විඩා නිවා
ඒ සුවයේ
නැලවෙන්න නෙත්‌ පියා..

Video thumbnail