මෙහෙණියක වී සසර කතරින්‌

Meheniyaka Wee Sasara Katharin

namal udugama
මෙහෙණියක වී සසර කතරින්‌ Lyrics

මෙහෙණියක වී සසර කතරින්‌
එතෙර වන්නට පාරමී පුරනා..
ඔබ පෙම්වතියෙක්‌ ලෙසින්‌ එදා මා
පෙමින්‌ එදා මා.. ළඟ උන්නා..

අවිහිංසක ඔබ අවිහිංසක මා
දෙගුරුන්‌ හමුවේ ගැරහුම්‌ ලැබුවා
මා රිදවන්නට නොහැකිව ඔබේ හද
මා රිදවන්නට නොහැකිව ඔබේ හද
දහස්‌ වරක්‌ දෙගුරුන්‌ රිදවුවා

මෙහෙණියක වී සසර කතරින්‌
එතෙර වන්නට පාරමී පුරනා..
ඔබ පෙම්වතියෙක්‌ ලෙසින්‌ එදා මා
පෙමින්‌ එදා මා.. ළඟ උන්නා..

පළිගන්නට මිස පිළිගන්නට මා
දෙගුරුන්ගේ සිත්‌ නොකැමති වුවා
ඒ පාපෙන්‌ දෙගුරුන්‌ මුදවන්නට
ඒ පාපෙන්‌ දෙගුරුන්‌ මුදවන්නට
කසාවතට ඔබේ වත දන්‌ දුන්නා

මෙහෙණියක වී සසර කතරින්‌
එතෙර වන්නට පාරමී පුරනා..
ඔබ පෙම්වතියෙක්‌ ලෙසින්‌ එදා මා
පෙමින්‌ එදා මා.. ළඟ උන්නා...

Video thumbnail