මෙලෝකේ සියල්ලෝ.. සිනා වෙන්නේ ඇයිදෝ..
බීලා යයි කියා මං.. හිතා ඉන්න හොඳ නෑ
බොන්න යයි කියාලා.. මට බල කරලා
මේ උසස් සමාජේ.. සුරා පානේ පෙව්වා...
අපේ මේ සමාජේ.. මුතු මැණික් බඳීවි
සුදු ඇඳුම් අඳීවි.. කළුයි සිත් ඔවුන්ගේ
අයෙක් ලේ පිපාසෙන්.. සුරාවෙන් නැසීමෙන්
සුරූපි ළඳුන් දැන් ලබයි සැප විනෝදෙන්
මෙලෝකේ සියල්ලෝ.. සිනා වෙන්නේ ඇයිදෝ..
බීලා යයි කියා මං.. හිතා ඉන්න හොඳ නෑ
මගේ ජීවිතේ මේ.. ගෙවී හොඳම කාලේ
රැඟුම් වු විනෝදේ.. දැනුයි මට දැනෙන්නේ
මුලින් ගෙවපු කාලේ.. අලුත් වී හිතේ මේ
වෙනස හොඳට තේරේ.. පලක් නෑ එයින් නම්
මෙලෝකේ සියල්ලෝ.. සිනා වෙන්නේ ඇයිදෝ..
බීලා යයි කියා මං.. හිතා ඉන්න හොඳ නෑ
නැටීමෙන් ගැයීමෙන්.. සුරාවෙන් විනෝදෙන්
හොඳක් නම් නොවේ ඉන්.. ලොවේ හැටි දැනේ දැන්
මැරුණදාට ලෝකේ.. නෑ නැටුම් විනෝදේ
පෙම් කෙරු සියල්ලන්.. දමා තනිව යන්නේ
මෙලෝකේ සියල්ලෝ.. සිනා වෙන්නේ ඇයිදෝ..
බීලා යයි කියා මං.. හිතා ඉන්න හොඳ නෑ...