මෙවලම්‌ මොකටද මෙතරම්‌

mewalam mokatada metharam

Chandana Liyanarachchi
මෙවලම්‌ මොකටද මෙතරම්‌ Lyrics

මෙවලම්‌ මොකටද මෙතරම්‌ පැළඳුවේ සමනලියේ
උස්‌ අඩි පාවහන්‌ යුගල යයි විසිවී ලොල්ලේ
මල්‌ පෙති වල පාට ගෑවෙ ඇයි සියුමැලි දෙතොලේ
කොළඹ ගිහින්‌ ඉගෙන ගත්‌තේ ඔව්වද මගෙ කෙල්ලේ

දෙදරා ගිය ආදරයේ තහංචි බැමි පවුරු
රෝස මලක සඟවාගෙන රොන්‌ ගෙන යති බමරු
හඬන්න මට ඉඩ දුන්නට නලියන නෙත්‌ කවුළු
කඳුළු බිංදු මේ හැටි ඇයි මට විතරක්‌ නපුරු

මෙවලම්‌ මොකටද මෙතරම්‌ පැළඳුවේ සමනලියේ
උස්‌ අඩි පාවහන්‌ යුගල යයි විසිවී ලොල්ලේ
මල්‌ පෙති වල පාට ගෑවෙ ඇයි සියුමැලි දෙතොලේ
කොළඹ ගිහින්‌ ඉගෙන ගත්‌තේ ඔව්වද මගෙ කෙල්ලේ
කොළඹ ගිහින්‌ ඉගෙන ගත්‌තේ ඔව්වද  මගෙ කෙල්ලේ

ඉකි බිඳිනා රෑ තුන්යම සිත්‌ මල අඩ නින්දේ
සඳ මඬලට තරු යායට නොදැනයි අත වැනුවේ
උගතමනා ශිල්පය රැක ගත්තට පෙම්වතියේ
නුඹේ අතිනුයි නිර්මල පෙම්‌ යහන බිඳී වැටුනේ

මෙවලම්‌ මොකටද මෙතරම්‌ පැළඳුවේ සමනලියේ
උස්‌ අඩි පාවහන්‌ යුගල යයි විසිවී ලොල්ලේ
මල්‌ පෙති වල පාට ගෑවෙ ඇයි සියුමැලි දෙතොලේ
කොළඹ ගිහින්‌ ඉගෙන ගත්‌තේ ඔව්වද මගෙ කෙල්ලේ
කොළඹ ගිහින්‌ ඉගෙන ගත්‌තේ ඔව්වද  මගෙ කෙල්ලේ
කොළඹ ගිහින්‌ ඉගෙන ගත්‌තේ ඔව්වද මගෙ කෙල්ලේ
කොළඹ ගිහින්‌ ඉගෙන ගත්‌තේ ඔව්වද මගෙ කෙල්ලේ

Video thumbnail