Midule sudu weli thalaye

Midule sudu weli thalaye

henry caldera
Midule sudu weli thalaye Lyrics

මිදුලේ සුදු වැලි තලයේ මිරවැඩි සඟලක සලකුණු

මිදුලේ සුදු වැලි තලයේ මිරවැඩි සඟලක සලකුණු
දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ..
මා නිවසෙහි නැති අතරද කවුරුන්‌ හෝ පැමිණ තිබේ
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ..
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ....

බිරිඳට සොහොයුරන්‌ නොමැත මා සොයුරුද අසනීපෙනි

බිරිඳට සොහොයුරන්‌ නොමැත මා සොයුරුද අසනීපෙනි
මගේ යහළුවෙක්‌ නිවසට ආවද මන්දා..
ඊයෙත්‌ හැන්දෑ වරුවේ මා එනවිට මිදුල පුරා
තිබුණා මිරිවැඩි සලකුණු කාගෙද මන්දා..
තිබුණා මිරිවැඩි සලකුණු කාගෙද මන්දා..

මිදුලේ සුදු වැලි තලයේ මිරවැඩි සඟලක සලකුණු
දැක මා හද පතුලේ සැකයකි උපදින්නේ..
මා නිවසෙහි නැති අතරද කවුරුන්‌ හෝ පැමිණ තිබේ
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ..
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ....

අවුල්ව ගිය මනසින්‌ යුතු මා නිවසට ගොඩ වැදුණා

අවුල්ව ගිය මනසින්‌ යුතු මා නිවසට ගොඩ වැදුණා
මගෙ නෙත ගත සිත වෙහෙසූ රහස හෙළි වුණා..
මගේ පාවහන්‌ පළඳා සුරතල්‌ පුතු ඇවිදිනවා
පුංචි දෙතොල්‌ අතරින්‌ කිරි සිනහා මතුවුණා..
එවන්‌ සිනහා මල්‌ දුටු සඳ වෙහෙස දුරුවුණා..
එවන්‌ සිනහා මල්‌ දුටු සඳ වෙහෙස දුරුවුණා..

Video thumbnail