මිහිකත නලවාලා මඟ මල් ගන්වාලා Lyrics
මිහිකත නලවාලා..
මඟ මල් ගන්වාලා..
පාසල වෙතැ යන මේ..
පිටිසර හෙළ ගුරුලිය සැරදේ..
සුදු හෙළ සාරය හැඳලා හැඩ කොටැ
ඉඟවට රැළි ලෙලවා..
දිගු නිල් වරලස පීරා නිසි ලෙසැ
මල් ගවසා බැඳැලා..
ගෙල වට මුතු මාලේ..
දෝතේ වළලු සැලේ..
සිරියා සපුරා පිරියා පතුරා
යන සුරතල්.. ලී..ලා..
මිහිකත නලවාලා..
මඟ මල් ගන්වාලා..
පාසල වෙතැ යන මේ..
පිටිසර හෙළ ගුරුලිය සැරදේ..
ඕලු නෙළුම් ඈ නෙක මල් පිබිදී
අහෝ විලේ සිරියා..
ජයම මලක් නේ නෙලා ගනී ඕ
හා හා කුමටද ඒ..
බාල ලියේ ඔබගේ..
සුහදා හට වෙද ඒ..
සුරතලියේ ඔබ හදවත පතුලේ
පෙමි.. මල කා.. සතු වේ..
මිහිකත නලවාලා..
මඟ මල් ගන්වාලා..
පාසල වෙතැ යන මේ..
පිටිසර හෙළ ගුරුලිය සැරදේ..