Mindada Hee Sara Wadii Salena Hada

Mindada Hee Sara Wadii Salena Hada

w d amaradeva
Mindada Hee Sara Wadii Salena Hada Lyrics

මින්දද හී සර වැදී සැලෙන හද
නංවන දුක්‌ ගී ඔබට ඇසෙනවද,
චන්දන මල්‌ අතුරා ඇති යහනට
කන්ද කපා පායන්‌ රන්‌ පුන්සඳ

මින්දද හී සර වැදී සැලෙන හද
නංවන දුක්‌ ගී ඔබට ඇසෙනවද,
චන්දන මල්‌ අතුරා ඇති යහනට
කන්ද කපා පායන්‌ රන්‌ පුන්සඳ

තුරඟකු පිට නැගි නීල වලාකුළු
ගුවන්‌ ගැබේ ඔබ ඇදෙන වෙලේ

තුරඟකු පිට නැගි නීල වලාකුළු
ගුවන්‌ ගැබේ ඔබ ඇදෙන වෙලේ
පිබිදෙන දෑසින්‌ බලා හිඳිමි මම
පිබිදෙන දෑසින්‌ බලා හිඳිමි මම
කුසුම්‌ සිනා කැන්‌ හද පුරචා..

මින්දද හී සර වැදී සැලෙන හද
නංවන දුක්‌ ගී ඔබට ඇසෙනවද,
චන්දන මල්‌ අතුරා ඇති යහනට
කන්ද කපා පායන්‌ රන්‌ පුන්සඳ

මෙතුවක්‌ කල්‌ මුව මඬල වසා සිටි
අන්ධකාර සළු පටින්‌ මුදා

මෙතුවක්‌ කල්‌ මුව මඬල වසා සිටි
අන්ධකාර සළු පටින්‌ මුදා
නෙත්‌ මිණි පහනින්‌ පහන්‌ කරනු මැන
නෙත්‌ මිණි පහනින්‌ පහන්‌ කරනු මැන
අනාගතේ මංපෙත පාදා..

මින්දද හී සර වැදී සැලෙන හද
නංවන දුක්‌ ගී ඔබට ඇසෙනවද,
චන්දන මල්‌ අතුරා ඇති යහනට
කන්ද කපා පායන්‌ රන්‌ පුන්සඳ

මින්දද හී සර..

Video thumbnail