Mini Kinkini Handa Parada Lyrics
මිණි කිංකිණි හඬ පරදා.. මේ ගැල් ගමනේ. .
කළුවර කතරේ.. කඳු වැටි මානේ..
දුක් ගී රාවේ සවනත පෑරේ සුදු මැණිකේ..
මිණි කිංකිණි හඬ පරදා.. මේ ගැල් ගමනේ..
පාළුවේ පාවී.. හපුතල් කන්දේ..
කුර හඬ නැගුණේ.. මේ දිගු ගමනේ..
තචව දුර වැඩිවේ.. ගව්වෙන් ගව්වේ..
ඔබ නැති ගම්මානේ.. මේ දුර නෑහේ..
මිණි කිංකිණි හඬ පරදා.. මේ ගැල් ගමනේ. .
කළුවර කතරේ.. කඳු වැටි මානේ..
දුක් ගී රාවේ සවනත පෑරේ සුදු මැණිකේ..
මිණි කිංකිණි හඬ පරදා.. මේ ගැල් ගමනේ..
සීපදේ රාවේ.. සියොලඟ සසැලේ..
ඔබ සිත සැඟවේ.. දාහය උතුරා..
උණුසුම ඔබගේ. . සිරුරේ දැවටේ..
නෑ හිරු පායන්නේ.. නෑ මට ආයෙේ..
මිණි කිංකිණි හඬ පරදා.. මේ ගැල් ගමනේ. .
කළුවර කතරේ.. කඳු වැටි මානේ..
දුක් ගී රාවේ සවනත පෑරේ සුදු මැණිකේ..
මිණි කිංකිණි හඬ පරදා.. මේ ගැල් ගමනේ..