Mini Muthu Mala Palanda (Anagathaye)

Mini Muthu Mala Palanda (Anagathaye)

wayo live
Mini Muthu Mala Palanda (Anagathaye) Lyrics

මිණිමුතු මාල පළන්දා
ඉපදුණ කාසි කොයින්දා.. අපි අතරේ
සඳ මත පාද තබන්දා..
සිහනද රාවය රන්දා.. අපි ඉන්නේ.. සන්තෝසේ.

රට වට කර වැට බැන්දා
කට වහගෙන ඉකිබින්දා
දුක වාවනු බැරි හින්දා
හද රහසේ..

වලා අතංරේ.. පියාඹන්නේ
ඔබයි සොයුරේ..
සිනා සයුරේ.. ගිලී එන්නේ
ඔබයි මිතුරේ..
නොනිම්‌ කතරේ.. පහන්‌ තරුවෙන්‌
එතෙර වෙන්නේ..

හිත යට කෝපය හන්දා
ගිනිකෙළි සාමය බින්දා.. අප අතරෙ...
හ.. කෑදර මොකටද මන්දා

අපමණ දුක්‌ ඇති වින්දා
රුකගමු මරු ගෙල සින්දා
හෙට ඇස්‌ අරින බිළින්දා
මනුසතුනේ..

වලා අතංරේ.. පියාඹන්නේ
ඔබයි සොයුරේ..
සිනා සයුරේ.. ගිලී එන්නේ
ඔබයි මිතුරේ..
නොනිම්‌ කතරේ.. පහන්‌ තරුවෙන්‌
එතෙර වෙන්නේ..

වලා අතංරේ.. පියාඹන්නේ
ඔබයි සොයුරේ..
සිනා සයුරේ.. ගිලී එන්නේ
ඔබයි මිතුරේ..
නොනිම්‌ කතරේ..පහන්‌ තරුවෙන්‌
එතෙර වෙන්නේ..

වලා අතංරේ.. පියාඹන්නේ
ඔබයි සොයුරේ.. ඔබයි සොයුරා..
සිනා සයුරේ.. ගිලී එන්නේ
ඔබයි මිතුරේ.. ඔබයි මිතුරා..
නොනිම්‌ කතරේ.. පහන්‌ තරුවෙන්‌
එතෙර වෙන්නේ..
පොළෝ නලයේ ඔබයි මිනිසා
අනාගතයේ..

Video thumbnail