මියැදෙන්න පෙර ආයේ

miyadenna pera aye me ridum

Damith Asanka
මියැදෙන්න පෙර ආයේ Lyrics

මියැදෙන්න පෙර ආයේ එකම වරක්‌
දැකගන්න ඔබ එන්න එය සැනසුමක්‌
උනදේ උනා හඬලා දැන්‌ නෑ පලක්‌
ඔබ ඉන්න සතුටින්ම මගෙ ජීවිතේ අරන්‌

මේ රිදුම් .. ඉකි ගසා.. ඉල්ලුවත්‌ ඔබ සදා
හදවතේ දුක තියා.. ඔබ ගියා.. ඔබ ගියා
මේ රිදුම්.. ඉකි ගසා.. ඉල්ලුවත්‌ ඔබ සදා
හදවතේ දුක තියා.. ඔබ ගියා.. ඔබ ගියා..

හිනැහෙන්න කාරණා දහසකුත්‌ ඇතත්‌
රිදවන්නමයි හිතුවේ ඔබ මා තවත්‌
සැනසෙන්න දුන්‌ පැතුම්‌ අරගෙන යළිත්‌
හිතකින්ද හැරගියේ සොඳුරියේ කියන්‌..

මේ රිදුම් .. ඉකි ගසා.. ඉල්ලුවත්‌ ඔබ සදා
හදවතේ දුක තියා.. ඔබ ගියා.. ඔබ ගියා
මේ රිදුම්.. ඉකි ගසා.. ඉල්ලුවත්‌ ඔබ සදා
හදවතේ දුක තියා.. ඔබ ගියා.. ඔබ ගියා..

දුර යන්න හැකි වුණත්‌ මා හැර හුඟක්‌
ඔබ නැතිව මට යන්න බෑ පියවරක්‌
හැමදේම නැතිවෙලා තනිවුණු බවක්‌
නෑ කවුරුවත්‌ දන්නේ ඔය හිත තරම්..

මේ රිදුම් .. ඉකි ගසා.. ඉල්ලුවත්‌ ඔබ සදා
හදවතේ දුක තියා.. ඔබ ගියා.. ඔබ ගියා
මේ රිදුම්.. ඉකි ගසා.. ඉල්ලුවත්‌ ඔබ සදා
හදවතේ දුක තියා.. ඔබ ගියා.. ඔබ ගියා..

Video thumbnail