මියුරු කල්පනා-නෙතක දැල්වුණා

Miyuru Kalpana Nethaka Aaluna

victor rathnayake
මියුරු කල්පනා-නෙතක දැල්වුණා Lyrics

මියුරු කල්පනා..
නෙතක දැල්වුණා..
අමයුරු රස හසකැන්‌ මැද
සිතක්‌ හිනැහුණා..

වරෙක නැළවුණා..
වරෙක ළතැවුණා..
නුපුරුදු ගිනි දහසක්‌ මැද
සිතක්‌ මැලවුණා..

මියුරු කල්පනා..

හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි

හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන්‌ මල්‌ පුබුදමි
ඔබ සැනසේ නම්..

මියුරු කල්පනා..
නෙතක දැල්වුණා..
අමයුරු රස හසකැන්‌ මැද
සිතක්‌ හිනැහුණා..

මියුරු කල්පනා..

පිනි බිඳකින්‌ මුතු අමුණමි
දිනිසුරුගෙන්‌ සීතල දෙමි

පිනි බිඳකින්‌ මුතු අමුණමි
දිනිසුරුගෙන්‌ සීතල දෙමි
කඩු තුඩු මත සැතපෙන්නම්‌
ඔබ සැනසේ නම්...

මියුරු කල්පනා..
නෙතක දැල්වුණා..
අමයුරු රස හසකැන්‌ මැද
සිතක්‌ හිනැහුණා..

වරෙක නැළවුණා..
වරෙක ළතැවුණා..
නුපුරුදු ගිනි දහසක්‌ මැද
සිතක්‌ මැලවුණා..

මියුරු කල්පනා...

Video thumbnail