මොණර කිරිල්ලී

Monara Kirilli 


මොණර කිරිල්ලී Lyrics

තාලෙට සලඹ හොල්ලලා ඉඟ සුඟ හැඩට පද්දලා
තන තන තාන තම් දෙනා
මොණරිය නටයි ගස්සලා//
​කෝලයි කෝලම් බෝමයි හරි මනමාලයි
කොමලිගෙ බැල්ම ලස්සනයි

තෝඩු හැඩට වැනෙන තාලෙ
කෝඩු හිතට දැනෙයි ආලෙ
පෙනුමට සංකර නැති මොණර කිරිල්ලී
දිගු නීල ඇස් දෙකේ රතු රෝස කම්මුලේ
මතකේ නිදන් වෙයි හිතේ
දිගු නීල ඇස් දෙකේ රතු රෝස කම්මුලේ
මතකේ නිදන් වෙයි හිතේ

සායම් කල පාට දෙතොල් පොද වැස්සට හේදුනාම
පෙරටත් වැඩිය හැඩට ඔබව පේනවා
දෙව් නුවර වීදියේ මුණ ගැසුණු මොණරියේ
අවසරයිද යන්න වෙන්වෙලා
මහ නුවර වීදියේ මුණ ගැසුණු මොණරියේ
අවසරයිද යන්න වෙන්වෙලා

Video thumbnail