මුළු කාලය සංගීතෙට මම යොදවන හින්දා..
දවස් ගණන් මං ගෙදරට එන්නැති හින්දා..
හිටියත් නිවසේ දවසම බුදියන හින්දා...
ඔයා.. හිතන්නෙපා මම ආදරේ නැතෙයි කියාලා..
සතයක්වත් මම ගෙදරට දෙන්නැති හින්දා..
ඔක්කොම සෙල්ලම් යාළුවෝ එක්කලා හින්දා..
පොඩි අඩියක් ගහලා ඉඳහිට වෙරි වෙන හින්දා..
ඔයා.. හිතන්නෙපා මම ආදරේ නැතෙයි කියාලා..
අඬන්නෙපා.. හිතන්නෙපා
ආදරේ ඔයාට නැතෙයි කියා
ආදරයට මා වහලෙකු නොවුණට
මා වරදා පිළිගන්න එපා
ඔයා උයන කෑම රස නැති බව කියනා හින්දා...
මොන ඇඳුමක් ඇන්දත් හැඩ නෑ කියාපු හින්දා..
ඔබ අලුත් සමාජෙට ගැළපෙන් නෑ කී හින්දා..
ඔයා.. හිතන්නෙපා මම ආදරේ නැතෙයි කියාලා..
රෝසිත් එක්කලා නුවරඑළිය ගිය හින්දා..
එයාට වැලන්ටයින් ඩේ ප්රසන්ට් එකක් දුන් හින්දා..
අනේ.. ඈ හරි හුරතල් කෙල්ලයි කියාපු හින්දා...
ඔයා.. හිතන්නෙපා මම ආදරේ නැතෙයි කියාලා..
අඬන්නෙපා.. හිතන්නෙපා...
ආදරේ ඔයාට නැතෙයි කියා..
ආදරයට මා වහලෙකු නොවුණට....
මා වරදා පිළිගන්න එපා..
ඩැඩීට ඇවිදින තැබෑරුමක් කී හින්දා..
ඔයාගේ මමීගේ කට හරි මකර කටක් කී හින්දා..
අනේ.. අයියා පණ නැති පෙන්දෙක් කියාපු හින්දා...
ඔයා.. හිතන්නෙපා මම ආදරේ නැතෙයි කියාලා..
අඬන්නෙපා.. හිතන්නෙපා...
ආදරේ ඔයාට නැතෙයි කියා..
ආදරයට මා වහලෙකු නොවුණට...
මා වරදා පිළිගන්න එපා...
අඬන්නෙපා.. හිතන්නෙපා..
ආදරේ ඔයාට නැතෙයි කියා..
ආදරයට මා වහලෙකු නොවුණට...
මා වරදා පිළිගන්න එපා...