මුළු ලොව මගෙන් අසාවී Lyrics
මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ..
මගෙ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ..
මට වේදනා නොදුන්නැයි
කීවත් කුමක් කියයිදෝ..
ඔබ මට දුකක් නොවීයැයි
කීවත් කුමක් කියයිදෝ..
මා හද ලෙයින් ලියූවත්
ලොව මට කුමක් කියයිදෝ..
මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ..
මගෙ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ..
ඔබ ගැන කීවා නොකීවත්
මිනිසුන් සිනා නොවෙයිදෝ..
ඔබ නිවැරදියි කියූවත්
මිනිසුන් කතා නොවෙයිදෝ..
ඔබ යළි මගේම වූවොත්
ලොව මට කුමක් කියයිදෝ..
මුළු ලොව මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ..
මගෙ සිත මගෙන් අසාවී
ඔබ ගැන කුමක් කියම්දෝ...