මුතුලතා සිනහා පොකුරු පා

muthu latha sinaha pokuru paa

Athula Adikari
මුතුලතා සිනහා පොකුරු පා Lyrics

මුතුලතා.. සිනහා පොකුරු පා
මුතු මැණිකේ.. බලනු එපා..
නෙත පැටලී.. සිත මා අසරණ වෙලා..

මම ළඳේ.. කෙලෙසද කියන්නේ
ආල හැඟුම්‌.. මුව ගොළු වී..
හිත පැටලී.. අද මා අසරණ වෙලා..

ගෙලේ තොරොම්‌බොල්‌ මාලේ පළඳා
ඉහේ තැඹිලි තෙල්‌ ගාලා පීරා
පාළොස්වක පොදා හඳ ගමට වඩින ලීලෙන්‌
දෙවටේ නුඹ එන්නා

මුතුලතා.. සිනහා පොකුරු පා
මුතු මැණිකේ.. බලනු එපා..
නෙත පැටලී.. සිත මා අසරණ වෙලා..

තුන්තිස්‌ පැය රෑ නිදි නම්‌ නැතුවා
ඉලන්දාරි මං රහසේ හැඬුවා
මුතූ බිඳු මුතු මැණිකේ.. නුඹ කරකාරෙට ගන්ටා
පූරුවේ පින්‌ නැතුවා

මුතුලතා.. සිනහා පොකුරු පා
මුතු මැණිකේ.. බලනු එපා..
නෙත පැටලී.. සිත මා අසරණ වෙලා..

හෝ...

Video thumbnail