මුව හසරැලි සාගරේ

muwa hasarali sagare

Clarence Wijewardena
මුව හසරැලි සාගරේ Lyrics

මුව හසරැලි සාගරේ මුතු වැලක්‌ වෙලා
නෙත්‌ අඹරේ පායලා තරු දෙකක්‌ වෙලා
දේදුන්නක සඟවලා දෙතොල්‌ රත සලා
ඔබ මගේ මුළු පීවිතේ රඟහලක්‌ කළා

සඳ විමනේ විසිතුරු පවසා..
නෙත්‌ එළියෙන්‌ තොරතුරු විමසා..
පිය වදනේ සළුවට දවටා..
සැනසිල්ලේ උණුසුම ගවසා..
ඔබ නලවන්නම්‌.. ඔබ සනසන්නම්‌..
මම ඔබ නලවන්නම්‌.. ඔබ සනසන්නම්‌..
නොමියෙනසුලු ආදරයක කතා කියන්නම්‌

මුව හසරැලි සාගරේ මුතු වැලක්‌ වෙලා
නෙත්‌ අඹරේ පායලා තරු දෙකක්‌ වෙලා
දේදුන්නක සඟවලා දෙතොල්‌ රත සලා
ඔබ මගේ මුළු පීවිතේ රඟහලක්‌ කළා

සඳ විමනේ සොමි ගුණ මවලා..
දේදුන්නක සිසිලස ගොතලා..
මල්‌ කෙමියක මධු රස සොයලා..
සල්‌ අරණක පවනැලි නිවලා..
ඔබ නලවන්නම්‌.. ඔබ සනසන්නම්‌..
මම ඔබ නලවන්නම්‌.. ඔබ සනසන්නම්‌..
නොමියෙනසුලු ආදරයක කතා කියන්නම්‌

මුව හසරැලි සාගරේ මුතු වැලක්‌ වෙලා
නෙත්‌ අඹරේ පායලා තරු දෙකක්‌ වෙලා
දේදුන්නක සඟවලා දෙතොල්‌ රත සලා
ඔබ මගේ මුළු පීවිතේ රඟහලක්‌ කළා

Video thumbnail