නාග සළඹ වැයෙන පදට
සොඳුරු ලියක රඟ මැවේ
පාද බැඳුණු කිකිණි සළඹ
තාල අනුව නද කෙරේ
නාග සළඹ වැයෙන පදට
සොඳුරු ලියක රඟ මැවේ
පාද බැඳුණු කිකිණි සළඹ
තාල අනුව නද කෙරේ
අවට සුළඟ දැවටි දැවටි
අපට සිහිල සුව ගෙනේ
කුඹකෙ සෙවන දෙවනි අරණ
බැතිනි පුබුදු සිත් නිවේ
අවට සුළඟ දැවටි දැවටි
අපට සිහිල සුව ගෙනේ
කුඹකෙ සෙවන දෙවනි අරණ
බැතිනි පුබුදු සිත් නිවේ
නාග සළඹ වැයෙන පදට
සොඳුරු ලියක රඟ මැවේ
පාද බැඳුණු කිකිණි සළඹ
තාල අනුව නද කෙරේ
එපිට දෙවොල අසල අහස
සුවඳ කපුරු දුම් නැගේ
ඇසල මහෙක නැඟුණු සඳෙක
උකුළු මුකුළු ඇස ගැසේ
එපිට දෙවොල අසල අහස
සුවඳ කපුරු දුම් නැගේ
ඇසල මහෙක නැඟුණු සඳෙක
උකුළු මුකුළු ඇස ගැසේ
නාග සළඹ වැයෙන පදට
සොඳුරු ලියක රඟ මැවේ
පාද බැඳුණු කිකිණි සළඹ
තාල අනුව නද කෙරේ
මොණර නැටුම අනුව නැගෙන
දෙපස යොවුන් ගී සරේ
කතරගමට දෙවිඳු නමට
රඟන රැඟුම පුද කෙරේ
මොණර නැටුම අනුව නැගෙන
දෙපස යොවුන් ගී සරේ
කතරගමට දෙවිඳු නමට
රඟන රැඟුම පුද කෙරේ
නාග සළඹ වැයෙන පදට
සොඳුරු ලියක රඟ මැවේ
පාද බැඳුණු කිකිණි සළඹ
තාල අනුව නද කෙරේ..
නාග සළඹ වැයෙන පදට
සොඳුරු ලියක රඟ මැවේ
පාද බැඳුණු කිකිණි සළඹ
තාල අනුව නද කෙරේ...