හසරැලි තොලින් නොදා
මුතු මුව නොපෙන්නා
ගස්සනවාද පෙම්බරි
කෝලම් කොපුල් නටා
මායම් ලඟන්නා
ඇස්වහ වදී සුන්දරී
නලවාලා නෙතු පායා
ඇති දාටයි මං ආසා
හඩගාමා පවසන්නම්
ඔබ පමණයි මට ඕනා
හසරැලි තොලින් නොදා
මුතු මුව නොපෙන්නා
ගස්සනවාද පෙම්බරි
හැරදා නොයෙන්නමයි ආවේ
ඔබ වාගේ කෙනෙක් නොමැත ආයේ
මුමුණා ගයනෙමි පෙම් රාවේ
දිලිසේ ඔබ හිනැහෙන යාමේ
ඔය හිතින් මිදි බෑ
ඔබ වෙතින් ඇදි නෑ
බාර ගන්න මගෙ ආදරේ//
නලවාලා නෙතු පායා
ඇති දාටයි මං ආසා
හඩගාමා පවසන්නම්
ඔබ පමණයි මට ඕනා
හසරැලි තොලින් නොදා
මුතු මුව නොපෙන්නා
ගස්සනවාද පෙම්බරි
මතුදා ඔබෙන් ලැබෙන ප්‍රේමේ
මදහාසේ මල් මිටක් පිපෙන දෑසේ
සනසා සරසමි ඔය රූපේ
ඔබ හා තනි වෙන්නම ඕනේ
ඔය හිතින් මිදි බෑ
ඔබ වෙතින් ඇදි නෑ
බාර ගන්න මගෙ ආදරේ//
හසරැලි තොලින් නොදා
මුතු මුව නොපෙන්නා
ගස්සනවාද පෙම්බරි
කෝලම් කොපුල් නටා
මායම් ලඟන්නා
ඇස්වහ වදී සුන්දරී
නලවාලා නෙතු පායා
ඇති දාටයි මං ආසා
හඩගාමා පවසන්නම්
ඔබ පමණයි මට ඕනා