නැළවිලි ගීයක් කියන්න Lyrics
නැළවිලි ගීයක් කියන්න
අම්මේ මට කියා දෙන්න..
පුංචිම නංගිට උපන්න
මද්දුම දෝණිට ගයන්න
පාර හොයා ගන්න බැරුව
පිට පාරෙන් හොරෙන්ම ගිය
මල්සරාට අඬ ගහන්න
මට බෑ අම්මේ..
වැලේ හැදුණ ගෙඩි වැලටම
බර නැතිනම් තව මොනවද
මට තනිකම දරාගන්න
පුළුවනි අම්මේ...
බුලත් හෙප්පුවක් අරගෙන
ගෙදරට එන අය පිළිගෙන
බඹා කෙටු හැටි හොයන්න
මට බෑ අම්මේ..
ජීවත් වෙන මේ ඩිංගට
හිමි නැති සමිපත් මොකටද
අපි දෙන්නට අපි දෙන්නා
ඇති නොවැ අම්මේ..
නැළවිලි ගීයක් කියන්න
අම්මේ මට කියා දෙන්න..
පුංචිම නංගිට උපන්න
මද්දුම දෝණිට ගයන්න