Nambara goyamata rahas kiyala

Nambara goyamata rahas kiyala

gunadasa kapuge
Nambara goyamata rahas kiyala Lyrics

නාඹර ගොයමට රහස්‌ කියාලා
ළාහිරු හිනැහේ... කිරණ හලාලා
දෑසේ පෙම්බර රහස ලියාලා
නාරලතා මා.. අමතනවා

මගෙ පිය සටහන්‌ හඳුනන ඔබෙ නෙත
හිමිදිරියේ දුටු සුබ දසුනයි
කම්හල මැද වෙහෙසෙන විට ගත සිත
ඔබ ගැන මතකය මඳ පවනයි

නාඹර ගොයමට රහස්‌ කියාලා
ළාහිරු හිනැහේ... කිරණ හලාලා
දෑසේ පෙම්බර රහස ලියාලා
නාරලතා මා.. අමතනවා

බලාපොරොත්තුව කිරි වැදිලා හෙට
ගමේ කුඹුර මඳහස පෙන්වයි
මංගල සිරියෙන්‌ කරල්‌ කපනදා
හිතා ඉන්නෙ ඔබෙ අත ගන්නයි...

නාඹර ගොයමට රහස්‌ කියාලා
ළාහිරු හිනැහේ... කිරණ හලාලා
දෑසේ පෙම්බර රහස ලියාලා
නාරලතා මා.. අමතනවා...

Video thumbnail