නන්දන සිහින ගඟේ ප්‍රේම දියේ නාලා
මකරන්ද පියරු ගාලා
චන්දන ඇල්ල වගේ ආල සිනා පාලා
නැළවෙන්න මිහිර දීලා
කුංකුම සුවඳ උරා.. දිස්වන ලීලා
අංජන සිසිල නුරා.. ඇස් වල ගාලා
දෑත බැඳී හාදු දිදී ළඳැමට වෙළී ඉඳලා
දෙතොලේ කොනක් සෙමින් හපලා..
ඔබ ආයෙත් ඇසක් කොනට කරලා..
යන්තම් හොරෙන් මදෙස බලලා..
මට ඩිංගක් සිනාසෙන්න ඕනා..
නන්දන සිහින ගඟේ ප්‍රේම දියේ නාලා
මකරන්ද පියරු ගාලා
චන්දන ඇල්ල වගේ ආල සිනා පාලා
නැළවෙන්න මිහිර දීලා
නළවලා ගස්සලා මෙහෙ බලන්න හැරිලා
හිනැහිලා මට කියන්න ආදරේද කියලා
මී පැණින් නාවාලා.. සූකිරීන් ගාවාලා
සිහිනයත් පෙන්නාලා.. ආයෙමත් කොඳුරාලා
ආදරෙයි ආදරෙයි කියන්නකෝ ළංවීලා
දෙතොලේ කොනක් සෙමින් හපලා..
ඔබ ආයෙත් ඇසක් කොනට කරලා..
යන්තම් හොරෙන් මදෙස බලලා..
මට ඩිංගක් සිනාසෙන්න ඕනා..
නන්දන සිහින ගඟේ ප්‍රේම දියේ නාලා
මකරන්ද පියරු ගාලා
චන්දන ඇල්ල වගේ ආල සිනා පාලා
නැළවෙන්න මිහිර දීලා
තියඹලා නියඟලා වද මලක්ද නෙළලා
අන්දලා බන්දලා හැඩ බලන්න හිතලා
මීදුමත් ශෘංගාරයි.. දෙදුනුත් රන් පැහැයයි
පාළුවත් නැති ගානයි.. ආදරෙයි පෙර සේමයි
ආදරෙයි ආදරෙයි සිඹින්නකෝ ළංවීලා
දෙතොලේ කොනක් සෙමින් හපලා..
ඔබ ආයෙත් ඇසක් කොනට කරලා..
යන්තම් හොරෙන් මදෙස බලලා..
මට ඩිංගක් සිනාසෙන්න ඕනා..
නන්දන සිහින ගඟේ ප්‍රේම දියේ නාලා
මකරන්ද පියරු ගාලා
චන්දන ඇල්ල වගේ ආල සිනා පාලා
නැළවෙන්න මිහිර දීලා
කුංකුම සුවඳ උරා.. දිස්වන ලීලා
අංජන සිසිල නුරා.. ඇස් වල ගාලා
දෑත බැඳී හාදු දිදී ළඳැමට වෙළී ඉඳලා
දෙතොලේ කොනක් සෙමින් හපලා..
ඔබ ආයෙත් ඇසක් කොනට කරලා..
යන්තම් හොරෙන් මදෙස බලලා..
මට ඩිංගක් සිනාසෙන්න ඕනා..