ඔබෙ පුළුලුකුළේ.. හැප්පෙන්නද යාන්තමට වගේ..

Narilatha Male Obe Pululukule

marians
ඔබෙ පුළුලුකුළේ.. හැප්පෙන්නද යාන්තමට වගේ.. Lyrics

නාරිලතා මලේ..
ඔබෙ පුළුලුකුළේ.. හැප්පෙන්නද යාන්තමට වගේ..

නාරිලතා මලේ
ඔබෙ පුළලුකුළේ හැප්පෙන්නද යාන්තමට වගේ..
ඔය කාන්තිමත්‌ නෙතු දෑලේ රස්නෙන්‌..
මත්වුණාට කමක්‌ නැද්ද කෙල්ලේ..
නාරිලතා මලේ
මං මේ ඔබටයි කතා කලේ..

ඔබෙ සියුමැලි කොපුලේ..
අවිහිංසක තාලෙන්‌

හාදු තිතක්‌ තිබිබොත්‌ මං යාන්තමට වගේ
නොරිදෙන්නට වගේ..
හාද කමට මුල පුරමුද හොරෙන්‌ හොරෙන්‌ වගේ..
කැමතිද නැද්ද ප්‍රියේ.. ආදරේ නැද්ද හිතේ
කැමතිද නැද්ද ප්‍රියේ.. ආදරේ නැද්ද හිතේ

නාරිලතා මලේ
ඔබෙ පුළලුකුළේ හැප්පෙන්නද යාන්තමට වගේ..
ඔය කාන්තිමත්‌ නෙතු දෑලේ රස්නෙන්‌..
මත්වුණාට කමක්‌ නැද්ද කෙල්ලේ..
නාරිලතා මලේ
මං මේ ඔබටයි කතා කලේ..

ඔබෙ සුදු මුදු නළලේ..
ආරාධිත තාලෙන්‌

දිවුරුම්‌ තිලකේ තිබ්බොත්‌ යාන්තමට වගේ
නොදැනෙන්නට වගේ..
මගේ වදන පිළිගන්නට නැකත හොඳයි වගේ..
කැමතිද නැද්ද ප්‍රියේ.. ඇයි ඔය තරම්‌ අගේ
කැමතිද නැද්ද ප්‍රියේ.. ආදරේ නැද්ද හිතේ

නාරිලතා මලේ
ඔබෙ පුළලුකුළේ හැප්පෙන්නද යාන්තමට වගේ..
ඔය කාන්තිමත්‌ නෙතු දෑලේ රස්නෙන්‌..
මත්වුණාට කමක්‌ නැද්ද කෙල්ලේ..
නාරිලතා මලේ
මං මේ ඔබටයි කතා කලේ..

නාරිලතා මලේ
මං මේ ඔබටයි කතා කලේ....

නාරිලතා මලේ
මං මේ ඔබටයි කතා කලේ....

Video thumbnail