නැතිද මා කෙරේ අද Lyrics
නැතිද මා කෙරේ අද ඔබගෙ ආදරේ
කඳුලු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ
ඔය තරමට පෙම් කල කිසිවෙක් නොමැති මේ බවේ
වරද මගෙද රත්තරනේ කියනවද මගේ
වැටෙනා කඳුලක් ගානේ ඔබවයි මට සිහිවන්නේ
වැටෙනා කඳුලක් ගානේ ඔබවයි මට සිහිවන්නේ
වෙන්වී ඔබ ගිය වේලේ නැතිද ඔබට දුක දැනුනේ
අතීතයම අද මාගේ සිහිනයක් වගේ
නැතිද මා කෙරේ අද ඔබගෙ ආදරේ
කඳුලු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ
ඔය තරමට පෙම් කල කිසිවෙක් නොමැති මේ බවේ
වරද මගෙද රත්තරනේ කියනවද මගේ
හෙලනා සුසුමත් මගේ ඔබවයි තව විමසන්නේ
හෙලනා සුසුමත් මගේ ඔබවයි තව විමසන්නේ
රිදවා හිත හැම වාරේ ඔබම නොවෙද බොරු කීවේ
අතීතයම අද මාගේ සිහිනයක් වාගේ
නැතිද මා කෙරේ අද ඔබගෙ ආදරේ
කඳුලු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ
ඔය තරමට පෙම් කල කිසිවෙක් නොමැති මේ බවේ
වරද මගෙද රත්තරනේ කියනවද මගේ