විදිම් තද හීනේ මා ඔබගෙ රූපේනා...
සදා.. තුරුළට ගෙනවා...
ගන්නට හිත දෙන්නා..
හිදින් මා උසි ගන්වා...
ලගටම ලං වීලා...
කිදා... බැස හී වැදිලා...
කෙල්ලේ නුඹ හින්දා
නීල දෑසක්.... භාවනාවක්...
පෑ හිනාවක්... නෑ නෑ වෙන කාටත්...
ආල ගීයක්.... හීනි බැල්ලමක්...
යාවෙලා මත්... හා හා මට විතරක්....
ඒ ගැස්සෙන ලැමට පහතින්..
ඔය දිස්වෙන නිතඹ අසළින්...
මා මත් කල පහස සොයමින්..
ආ නෙකළු රුවම බලමින්..
පොද වැස්සක හිරිද හරිමින්...
සද රත්කල රැයක වෙලෙමින්..
ලග ඉන්නට සුරත දරමින්...
ඔබ එන්න ඉතින් මා සමගින්....
Rap
වයින් කරපු බෝනික්කෙක් වගේ
අයින් වෙන්නම දෙන්නැද්ද නගේ
මේ පයින් ගියපු මගේම ඇඟේ
වැද්දුවේ ආදර ස්කූටිය ඇගේ
"මට වඩා හොඳ කෙනෙක් හම්බෙයි අයියේ" කිව්ව නංගිලාට පිං !
හැබැයි උන්දැලා ආයෙම එද්දි පස්සෙ මම සෑහෙන්න දුරක් ගිහිං
අඩේ ! එව්වා වගේද බං අපේ මේ ආලේ පද පෙලක් ඔයා මමනේ තාලේ
මේක නම් අබු අබුද්දස්ස කාලේ මේ අපි කාපු ලබු තිත්ත නෑ රාලේ
තෙයි තන තෙයි තන තම්දෙන තනා
දැන් තාලෙට පද්දපං උකුල වනා
මැණිකක් ඔයා මං වෙන්නේ නෑ කනා
මේ ඕවරේ සුපර් මං වෙන්නද සනා !!
නීල දෑසක්.... භාවනාවක්...
පෑ හිනාවක්... නෑ නෑ වෙන කාටත්...
ආල ගීයක්.... හීනි බැල්ලමක්...
යාවෙලා මත්... හා හා මට විතරක්....