නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
වලාකුළෙන් රුවල් දමාලා
බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා
පෙම් ගඟුලේ රැල්ල නගාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකෙ සොයාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකෙ සොයාලා....
සුරංගනා ලෝකෙදි මම සුළඟක් වීලා
ඔබ නලවමි පවන් සලාලා
පොකුණකට වෙලා මම මල් කැකුලක් වීලා
සුවඳ එවමි සුළඟේ ඔතාලා
එවිට මල සොයා පියඹා එමි රැං ගාලා
මම සමනලයකු වාගේ සැරසිලා
සොඳුරු සමනලා එන කල මලට පියඹලා
පිළිගන්නම් පෙති විහිදාලා
නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
වලාකුළෙන් රුවල් දමාලා
බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා
පෙම් ගඟුලේ රැල්ල නගාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකෙ සොයාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකෙ සොයාලා....
මැණික් කැට අරන් පෙරලෙන පහළ ගල ගලා
මම නිල් දිය දහරක් වෙනවා
මමත් ඒ දියේ රන්වන් පාටින් දිලෙනා
මාළුවෙක් වෙලා පීනනවා
මටත් හරි හිතයි එහෙනම් අල්ල ගන්නවා
මම රිදී දැලක් වාගේ මැවෙනවා
ඔබේ දැල සැපයි මම ඒ දැලට මැදි වෙලා
පෙම් ගීයක් කියා නටනවා
නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
වලාකුළෙන් රුවල් දමාලා
බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා
පෙම් ගඟුලේ රැල්ල නගාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකෙ සොයාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකෙ සොයාලා....