නෙතු දැහැන් බිඳී හද විමන් වදී Lyrics
නෙතු දැහැන් බිඳී
හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරී ..
සෙනෙහසින් බැඳී
සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරි..
ගනඳුරෙන් මිදී
තරු රැහැන් ඇදී
සිහිනයෙන් වඩී.. කුමරී..
මීදුමෙන් ඇදී
සිහිලසින් එතී
නෙතු අගින් බලයි සොඳුරී..
නෙතු දැහැන් බිඳී
හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරී..
සෙනෙහසින් බැඳී
සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී..
හසඟනන් පිරී
පෙති පියුම් හැරී
කළඹවයි විලේ.. වැතිරී..
සඳ කැලුම් රිදී
තුරු අගින් මිදී
නෙක දසුන් මවයි කිඳුරී..
නෙතු දැහැන් බිඳී
හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරී ..
සෙනෙහසින් බැඳී
සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරි..
පෙම් කවක් ලියයි මිහිරි..
පෙම් කවක් ලියයි මිහිරි..