නෙතු පියන්‌ වැසෙනා තුරා..

Nethu Piyan Wasena Thura

manjula pushpakumara
නෙතු පියන්‌ වැසෙනා තුරා.. Lyrics

නෙතු පියන්‌ වැසෙනා තුරා.. එකට ඉමු යැයි කී ඔයා..
පෙම්‌ දැහැන්‌ බිඳ දුර ගියා.. මගේ සිහිනය බොඳ වෙලා
දෙතැන සිටියත්‌ වෙන්වෙලා... මගේ සිත ඔබ ළඟ සදා
කියා දන්නවා නම්‌ ඔයා.. යළි සොයා එයි පියඹලා..

මවපු සිහින මතකද අඳුරේ මට තුරුල්‌ වෙලා..
කියපු වදන්‌ ඇසෙනවා තාමත්‌ රත්තරන්‌ ඔයා..
සසර පුරා පතමින්‌ ආවත්‌ ඔබ මගේ වෙලා..
ඔබේ ආදරේ.. කඳුළක්‌ වී.. මා ළඟ නතර වෙලා..

නෙතු පියන්‌ වැසෙනා තුරා.. එකට ඉමු යැයි කී ඔයා..
පෙම්‌ දැහැන්‌ බිඳ දුර ගියා.. මගේ සිහිනය බොඳ වෙලා
දෙතැන සිටියත්‌ වෙන්වෙලා... මගේ සිත ඔබ ළඟ සදා
කියා දන්නවා නම්‌ ඔයා.. යළි සොයා එයි පියඹලා..

හදින්‌ හදට යාවී උන්නේ හුස්මටත්‌ වඩා..
සුවඳ ඔබේ දැනෙනවා තාමත්‌.. වෙළී මා වටා..
අලුත්‌ සඳක එළියක්‌ දුටුවත්‌ ඔබ මුලා වෙලා..
අඳුරු අහසේ සඳ.. ඔබයි මගේ.. මේ ජීවිතේ පුරා..

නෙතු පියන්‌ වැසෙනා තුරා.. එකට ඉමු යැයි කී ඔයා..
පෙම්‌ දැහැන්‌ බිඳ දුර ගියා.. මගේ සිහිනය බොඳ වෙලා
දෙතැන සිටියත්‌ වෙන්වෙලා... මගේ සිත ඔබ ළඟ සදා
කියා දන්නවා නම්‌ ඔයා.. යළි සොයා එයි පියඹලා..

Video thumbnail